හසීනා බංග්ලාදේශ රජයට දෙහි කපයි



බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් තමා නෙරපා හැරීමට තුඩු දුන් ශිෂ්‍ය විරෝධතා පිටුපස සිටින "මහ මොළකරු" බවට එරට හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා පවසා තිබෙනවා.

ඇය පැවසුවේ එම විරෝධතාව "සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත්තේ" තමන් බලයෙන් පහ කිරීමට බවයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍යයේ සිටින අවාමි ලීගයේ සාමාජිකයින්ගේ රැස්වීමක් අමතමින් හසීනා කියා සිටියේ විරෝධතාකරුවන්ගේ සියලු ඉල්ලීම් ඉටු වුවද, රට පුරා නොසන්සුන්තාව දිගටම පැවති අතර එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව‍යි.

"2024 ජූලි 7 වැනිදා ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතාව සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවක් නොව මා පෙරලා දැමීම සඳහා ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද විරෝධතාවක් බව යුනුස් විසින්ම ප්‍රකාශ කළා. රට පුරා උද්ඝෝෂණයක් ආවත්, සියලු ඉල්ලීම් ඉටු වූ නිසාත්, විරෝධතාවයකට ඉඩක් නොතිබුණු නිසාත්, මෙම කුමන්ත්‍රණය ආරම්භ කළ මහ මොළකරු ඔහුය. එය ඉතා සූක්ෂම කුමන්ත්‍රණයක්,” හසීනා පවසා තිබෙනවා.

menu
menu