යාපනයේ හඳුනා නොගත් වෛරසය ගෙන අනාවරණයක්
යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙනවා
සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කර තිබෙනවා
උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගීන් අතරින් 7 දෙනෙකු මිය ගියා
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේරා පැවසුවේ
මේ රෝගීන් 7 දෙනාගේ සාම්පල මේ වනවිට වෛද්‍ය සාම්පල ආයතනය සහ මහනුවර ජාතික රෝහලේ රසායනාගාරයට යවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර එම රෝගීන් කිහිපදෙනෙකුගේ සාම්පල මීණ උණ හෙවත් Leptospirosis රෝගය ලෙස තහවුරු වී තිබෙන බවයි. අනෙකුත් පර්යේෂණ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා