රිලවුන්ගේ  ගැටලුවට රජයේ අලුත්ම විසඳුම දැම්ම වැඩ පටන්ගෙන

රිලවුන් වන්ද්‍යකරණ නියමු ව්‍යාපෘතියක් මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයේ අද ආරම්භ කෙරුණා.

උගුල් කූඩු යොදා අල්ලා ගන්නා රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් වන්ද්‍යකරණයට ලක් කෙරෙන අතර නැවත එම රිලවුන් අල්ලා ගත් ප්‍රදේශවලට මුදා හැරීම සිදු කෙරෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 4යි දශම 5ක මුදලක් වැය කිරීමට නියමිතයි.

menu
menu