ජනපති අනුර ඉන්දිය අගමැති මෝදිට දුන්න  සහතිකය

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීට පොරොන්දු වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපතිවරයා අද (16) මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර මහතා පැවසුවේ, තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බවයි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා
menu
menu