ඇල්ටෝ ධර්මෙගේ ගෝලයන් දෙදෙන්නට සිදු වුණු දේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බුත්පිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී.
වයස අවුරුදු 36ක කාන්තාවක් සහ වයස අවුරුදු 44 ක පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් සතුව තිබී ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ භාරයට ගෙන තිබෙනවා.
menu
menu