හොඳ හරක් පිට රටින් ලංකාව ගෙන්න අවසර
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා
එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදුකරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිවාල් හා නිලිරවි වර්ගවලට අයත් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබේ.
එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත.