රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්වත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහිදී නිරත විය.
ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු කරනු ලැබුවා
මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව සහ අලෙවිකරණ තත්ත්ව සහතික නිකුත් කිරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලදි.