මිද්දෙණියේ වෙඩිල්ලෙන් පියා හා සය හැවිරිදි දියණිය මිය යයි

මිද්දෙණිය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා.
එහිදී අවුරුදු 06ක දැරියක් හා වයස අවුරුදු 39ක පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් පියා සහ දියණිය බවද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ පුත්‍රයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එම පිරිස ඉලක්ක කර වෙඩි තැබීම සිදුව තිබුණා.
වෙඩිතැබීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
දියණිය මියගොස් ඇත්තේ තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.
වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.