මිද්දෙණිය වෙඩිතැබීමට ගොදුරු වූ පිරිමි දරුවාත් මියයයි

මිද්දෙණිය ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබෙනවා.

එම දරුවා ප්‍රතිකාර ලබමින් සිටියේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේදීයි. මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්.

පෙරේදා රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදු කළා.

වෙඩි වැදීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලැබුවා.

පසුව වයස අවුරුදු 06ක් වූ දියණියද ජීවිතක්‍ෂයට පත් වුණා.

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මිය ගිය යතුරුපැදිකරු අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා”‍ නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ

menu
menu