පොලිස්පති සහ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීෘරසුරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වනවා.
ඒ, අධිකරණ සංකීර්ණය තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් අධිකරණයට පැමිණෙන සියලු පුද්ගලයින් දැඩි පරික්‍ෂාවකට ලක් කරන නමුත් විනිසුරුවරුන් හා නීතිඥවරුන් පරික්‍ෂාවට ලක් කෙරෙන්නේ නැහැ.
ඒ අනුව අධිකරණ පරිශ්‍ර වෙත පැමිණෙන නීතිඥවරුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේ අධිකරණවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලබන සඳුදා සිට දැඩි පියවර ගන්නා බවයි.