ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ 37 වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 66යි.

menu
menu