අධිකරණයට භාරවූ වැලිගම වැඩබලන ධෂක්‍ට ඇප - දේශබන්දු ගැන ආරංචියක් නැහැ

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා. ඔහුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමටයි අධිකරණය එහිදී නියෝග කළේ. වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද දහවල් අධිකරණයට භාරවී තිබුණා.
සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් ද ඉකුත්දා තහනම් කළා.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.