අමෙරිකාවෙන් චීනයට තවත් බදු

අමෙරිකාව විසින් චීනයේ භාණ්ඩ කිහිපයක් ඉලක්ක කර යළිත් බදු පැනවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස බදු පනවා ඇත්තේ චීනයේ නිෂ්පාදිත විදුලි වාහන, ඇඳුම් සහ සපත්තු සඳහායි.

චීනයේ නිෂ්පාදිත ඇඳුම් සහ සපත්තු සඳහා සියයට 15ක බද්දක් පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

ඉතා කෙටි කාලයක් තුළ චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් බදු පැනවූ දෙවන අවස්ථාව මෙයයි.

මෙම ගැටලුව මුලින්ම උද්ගත වූයේ අමෙරිකාව විසින් චීනයේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ නිෂ්පාදිත භාණ්ඩ ඉලක්ක කර බදු පැනවීමත් සමගයි.

ඒ අනුව ලෝකයේ ඉහළම ආර්ථිකයන් සහිත රටවල් දෙක වන චීනය සහ අමෙරිකාව වෙළඳ යුද්ධයකට සමීප වෙමින් ඇති බවටයි විචාරකයින් අනතුරු ඇඟවූයේ.

අමෙරිකානු බදුවලට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස චීනය විසින් අමෙරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සියයට 10ත් 15ත් අතර නව තීරුබදු පැනවීමට කටයුතු කළා.

චීනය දැන් අමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඕනෑම ආකාරයක යුද්ධයකට සටන් කිරීමට තම රට සූදානම් බවයි.

“අමෙරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධය නම්, එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා, තම රට අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” බවටයි චීන රජය දැන් අවධාරණය කර ඇත්තේ.

menu
menu