නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

146 වන “නිල් මහ සටන” මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය අද සමත් වුණා.
කොළඹ, රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති එම තරග තෙදිනක් පුරා පැවැත් වුණේ කොළඹ ඒස් එස් සී ක්රීඩාංගණයේදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 07ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 302ක් පමණයි.
සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 05ක් දැවී තරගය ජය ගනු ලැබුවා.