සෞඛ්‍ය ක්ෂේත්‍රය රත් කළ අනුරාධපුර වෛද්‍යවරිය කෙළෙසූ සැකකරු සොයා පුළුල් මෙහෙයුමක්

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අද වර්ජනයක් ආරම්භ කළා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ දිනයේ තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් තිබෙනවා.

පසුව නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවටයි වාර්තා වන්නේ. එම සිද්ධිය සිදුව ඇත්තේ පස්වරු 06.30ත් 07.00ත් අතර බවටද වාර්තා පළ වනවා

menu
menu