අල්ලස් කොමිසමෙන් රනිල්ට කළ කැඳවීම ගැන අනුර කතා කරයි

අපරාධකරුවන්ට ආරක්ෂා වීමට වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මඩකලපුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.